CRICKET - SINHALAEXCLUSIVE - Sinhala

ශ්‍රී ලංකා තරඟාවලිය සහ ලෝක කුසලානය ඉලක්ක කරමින් බංගලාදේශය තවත් පියවරක් තබයි.!

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පූර්ණ තරගාවලියට පෙර බංග්ලාදේශය තම පුහුණු කාර්ය මණ්ඩලය සඳහා තවත් දෙදෙනකු බඳවාගෙන තිබේ. ග්ලැමෝගන් ප්‍රාන්තය වෙනුවෙන් ද ක්‍රීඩා කළ බර්මියුඩා ජාතිකයකු වන ඬේවිඞ් හෙම්ප් බංග්ලාදේශ කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරුවා ලෙසින් පත්කර තිබේ. නවසීලන්තයේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ඇන්ඩි්‍ර ඇඩම්ස් පන්දු යැවීමේ පුහුණුකරුවා ලෙසින් පත්කර තිබේ. 

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේත් හිටපු ප්‍රධාන පුහුණුකරුවකු වන චන්දික හතුරුසිංහ මහතා කටයුතු කරයි.

ඬේවිඞ් හෙම්ප්, එංගලන්තයේ සහ දකුණු අප්‍රිකාවේදී පැවැති පළමු පෙළ තරග වලදී ලකුණු 15,000 කට වැඩියෙන් රැස්කර ඇති පරිණත පිතිකරුවෙකි. ඔහු බර්මියුඩාව වෙනුවෙන් එක්දින අන්තර්ජාතික තරග 24 ක් ද ක්‍රීඩා කර තිබේ. ඇන්ඩි්‍ර ඇඩම්ස් නවසීලන්තය වෙනුවෙන් අන්තර්ජාතික තරග 47 ක් ක්‍රීඩා කර තිබේ.

Related Articles

Back to top button