CRICKET - SINHALAEXCLUSIVE - Sinhala

“IPL තරගාවලියේදිත් මෙවැනි අවස්ථාවන් වල මම පන්දු යැව්වා. ඒ නිසා මට අත්දැකීම් ටිකක් තිබෙනවා, නමුත් මම තව දියුණු විය යුතුයි.” – මතීශ පතිරණ

සංචාරක ඇෆ්ගනිස්තානය පරදා ලකුණු 4ක පෙරලිකාර ජයක් අත්කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ මතීෂ පතිරණ තරඟයෙන් අනතුරුව අදහස් දැක්වූයේ මෙලෙසින්..

“හැමවෙලාවෙම ඕන වුණේ තරගය ජයග්‍රහණය කරන්න. මංගල තරගයෙන් පසු මගේ රට වෙනුවෙන් විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කළේ බොහෝ කලකට පසුවයි. මගේ සතුට කොහොම ප්‍රකාශ කරන්නද මම දන්නේ නැහැ. අයි.පී.එල් තරගාවලියේදිත් මෙවැනි අවස්ථාවන් වලදි මම පන්දු යැව්වා. ඒ නිසා මට අත්දැකීම් ටිකක් තිබෙනවා, නමුත් මම තව දියුණු විය යුතුයි.”

යනුවෙන් ඔහු කියා සිටියා.

Related Articles

Back to top button