CRICKET - SINHALAEXCLUSIVE - Sinhala

වසර 18ක් පැරණි මුරලිගේ වාර්තාවක් ඕස්ට්‍රේලියානු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක Nathan Lyon විසින් සම කරයි.!

2006 වසරෙන් පසු නවසීලන්තයේදී ටෙස්ට් තරගයක දඟ පන්දු යවන්නෙක් විසින් කඩුලු 10ක් දවාගත් පලමු අවස්ථාව වාර්තා කරන්නට ඕස්ට්‍රේලියානු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක නෙදන් ලයන් අද සමත් වුනා.

මීට පෙර නවසීලන්තයේදී දඟ පන්දු යවන්නෙක් විසින් ටෙස්ට් තරගයක කඩුලු 10ක් දවා ගත්තේ 2006 වසරේදී. ඒ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් විසින්…

මීට අමතරව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් 9 තුලදී ඉනිමක කඩුලු 5 බැගින් දවා ගත් පන්දු යවන්නන් අතරට නෙදන් ලයන්ද එකතු වුනා.

මීට පෙර ප්‍රධාන ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 9 තුලදී කඩුලු පහ බැගින් ටෙස්ට් ඉනිමක බිඳ දැමූ පන්දු යවන්නන් වන්නේ මුත්තයියා මුරලිදරන් සහ ශේන් වෝන් පමණි.

ඒ අනුව දැන් නෙදන් ලයන්ද එම වාර්තාවට එකතු වන්නේ ටෙස්ට් ක්‍රිකට් ලෝකයේ ඕනෑම රටක සිය දඟ පන්දුව හමුවේ පිතිකරුවාට භයානක චිත්‍රයක් නිර්මාණය කර හැකි බවට නිදැසුන් සහිතව සනාථ කරමිනි.

Related Articles

Back to top button