CRICKET - SINHALAEXCLUSIVE - Sinhala

හදවතේ නායකයා පළමු විස්සයි විස්ස තරගයේ ජයග්‍රහණයේ නියමුවා වෙයි…!

කලකට පසු ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් සකසා දුන් ගෞරවාන්විත ලකුණු පුවරුව අවසන් මොහොතේදී සුරක්ෂිත කරදෙන්නට දසුන් ශානක සමත් විය.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශයේ ඇරයුමෙන් සිල්හෙට් තරණතීරුවේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 20 නිමා කලේ කඩුලු 3 ක් දැවී ලකුණු 206 ක් රැස් කරමින්.

සුපුරුදු පරිදි බංග්ලාදේශය යලිත් හැඬවූ මෙන්ඩිස්ගේපිත්ත වේගවත් ලකුණු 59 ක් එක් කරද්දී ඉනිමට වේගවත් අවසානයක් ගෙන දුන් චරිත් අසලංක ලකුණු 44 ක් රැස් කලේ 6 පහර 6 ක් සමඟින්.

ලකුණු 207 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට සාර්ථක ආරම්භයක් ගෙන දුන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 17 කට කඩුලු 2 ක් බිඳහෙලීය.

කඩුලු හතරක් අතැතිව ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට ලකුණු 12 ක් අවසන් පන්දුවාරයේදී අවශ්‍ය වද්දී අවසන් පන්දුවාරය ලකුණු 8කට සීමා කරමින් ලකුණු 3 ක ජයක් අත්කරදෙන්නට දසුන් ශානක සමත් වූයේ කඩුලු 2 ක්ද බිඳ දමමින්.

බංග්ලාදේශයේ ජයග්‍රාහී බලාපොරොත්තු දැල්වූ ජේකර් අලී පන්දු 34 කදී ලකුනු 68 ක් හා මහම්දුල්ලා ලකුණු 54 ක් රැස් කලේය.

ඒ අනුව දෙරට අතර පැවැති පළමු විස්සයි විස්ස තරඟය ලකුණු 3කින් ජයගත්තේ ශ්‍රී ලංකාවයි.

Related Articles

Back to top button